Saturday, December 14, 2019

ලක්දිව තිබිච්ච දැහැමි පාලන ක්‍රමය

පෙර කාලයේ සාමයෙන් බැබලුන ලක්දිව තිබිච්ච දැහැමි පාලන ක්‍රමයක් එක්තරා සමවත් දර්ශනයකට නැගුන ආකාරය මේ පෙන්වන්නෙ කවදා හරි ධාර්මික පාලක පිරිසකට මේ කාරණා වැදගත් වෙයි කියල හිතුන නිසා.

මේක රාෂ්ට පාලන ක්‍රමය නමින් එ කාලයේ හැදින්වුනා එ කාලයෙ මෙ ලක්දිව ජනගහනය කෝටි පහක් දල වශයෙන් ගෙවල් කෝටියක්. ගෙවල් දහයක වැඩ කටයුතු බලාගන්න පතිරාජ (පත්තුවල රජ)කෙනෙක් පත් කෙරුන .උදේ,දවල්,හවස වශයෙන් තෙවතාවක් පතිරාජ විසින් ගෙවල් දහයේ ඉන්න අය සටහන් කරගන්න ඕන.උදේ රෑකියා ආදියට ගිය පිරිස ,ගිය තැන්.
නිවසේ ඉන්න අය.නිවසෙ තියෙන බඩු මුට්ටු වත්කම් මේවා පරික්ෂා කරල සටහන්කරගන්න ඕන.එක ගෙයක උපයන ආදායම ගනන් බලල එකෙන් සීයට විස්සක් පතිරාජට ගෙවන්න ඔනා කුඩා උනත් රජකුගෙ බලතල ඔහු සතුයි.එ ඔහුගේ පත්තුවට,නැත්නම් ගෙවල් දහයට.
මෙබදු පත්තු රජවරු දහදෙනෙක් පිලිබදව එ වගේම සොයා බලල සටහන් කරන්න ගමට රජ කෙනෙක් ඉන්නව.ඔහු ගමරාල කියල හදූන්වනව.පතිරාජ දහදෙනා ගෙවල් සීයක් මේ විදිහට බලාගන්නවා.ගමරාල එ දහදෙනා බලා ගන්නව.පතිරාජගේ ආදායමෙන් සීයට විස්සක් ගමරාලට දෙන්න ඕන.මේ සියලු පිරිස ඉන්න ගම වැට බැදල කොටු කරල තියෙන්නෙ.ගමට පිවිසෙන්න ගම් දොරටුවක් තියෙනව වැට අස්සෙන් යාම් ඊම් කලොත් දඩුවම් ලැබෙන වරදක්.
ගමරාල ඉන්නෙ ගම් දොර අසල නිවසක. ගමට ඇතුල් වෙන, ගමෙන් පිටවෙන අය සටහන් තියල යන්න ඕනා.මේ විදිහට ගමරාලල ලක්ශයක් ලක් දිවටම ඉන්නව.ගමරාලලාට ලැබෙන ආදායමෙන් සීයට විස්සක් රටේ රාළට දෙන්න ඕන.ගමරාලල දහ දෙනෙක් පිලිබද වත්කම් සහිත සියල්ල දිනපතා තුන් වතාවක් රටේරාළ කෙනෙක් හොයල බලනවා.
ගමරාළල දහදෙනෙක්ගෙ නිවෙස් පිළිබද වත්කම්,බඩුමුට්ටු...ආදිය පරික්ෂා කරල සටහන් කරන්න ලක්දිවටම රටේරාළල දහ දාහක් ඉන්නව .ගමරාළට රේස් කරත්ත හෙවත් ගොන් බැදි කරත්ත ගමනකට නිල රත විදිහට තිබුනා.එ සදහා රටේ රාලට හිටියෙ කොටලුවෙක්.
මේ රටේ රාළල දහ දෙනෙක්ගෙ වත්කම් ,නිවසේ බඩු මුට්ටු...ආදිය පරික්ෂා කලේ දිසා රාළ.ලක්දිවට දිසා රාළල දහසක් ඉන්නව මෙ දිසා රාළලාට රටේ රාළලාගෙ ආදායමෙන් සීයට විස්සක් ලැබෙනවා මේ අයගෙ වාහනය අශ්වයෙක් . දවස් දහයකට වරක් එක නිවස බැගින් රටේ රාළලාගෙ නිවෙස් බලල සටහන් කිරීම දිසා රාළට අයිතියි.
මෙබදු දිසා රාළලා දහ දෙනෙක්ගෙ එබදුම පාලනයට මහ දිසා රාළ හෙවත් අදිකාරම් වරයෙක් පත් කෙරුනා. දිසා රාළලාගෙ ආදායමෙන් සීයට විස්සක් මහ දිසා රාලට ගෙවන්න ඕනා.ලක් දිවටම මහ දිසා රාළලා සීයයයි. මෙබදු මහ අදිකාරම් /මහ දිසා රාළලා දහ දෙනෙක් පරික්ෂා කරන්න මහ ඇමැතිවරු එක්කෙනෙක් බැගින් මහ ඇමැතිවරු දහ දෙනෙක් ඉන්නව.
හය මාසයකට සැරයක් විතර මේ මහ අදිකාරම්ගෙ වත්කම් තොරතුරු මහ ඇමතිවරු විසින් බලනවා .මේ හැම කෙනෙක්ම දින පතා ආගිය තොරතුරු,කරපු වැඩ, සටහන් කරනව මහ ඇමැතිවරුන්ට මහ අදිකාරම්වරුන්ගේ ආදායමෙන් සීයට විස්සක් ලැබෙනවා .
මහ ඇමැතිවරු දහ දෙනාගෙ සියලු පාලනය මහ රජතුමා බලා ගන්නව.මහ ඇමැතිවරුන්ගෙ ආදායමෙන් සීයට විස්සක් මහ රජතුමාට දෙන්න ඕන .සිටුවරු වගේ මහ වලව් තිබුන පිරිසගේ වත්කම් බැලීම අදිකාරම් වරු යටතේ පාලනය වුනා.රාජ භාණ්ඩාගාරයට එ අය තමන්ගෙ ආදායමෙන් සීයට විස්සක් යවනව.මෙ විදියට දහයක් පාලනය කරල ලබපු ආදායමෙන් අට කොටසක් යැපෙන මේ පාලනය රාෂ්ට පාලනය කියල පෙර හැදින් උනා.
කිසිම නිවසක අන්සතු දෙයක් රහසි ගතව තියාගන්න බැ දින පතා නිවෙස් පරික්ෂා කරන නිසා ප්‍රකාශනොකල වත්කම් තිබුනොත් නිවසෙ ප්‍රදානියා ඇතුලු පිරිස ඊට වග කියන්න ඔනා.
කුමන්ත්‍රණකාරී කිසිම මෙහෙයවීමක් එ කාලයේ සංවිධානය වෙන්න මගක් තිබුනෙ නැ.හොරුන් ඇති වෙන්න ඉඩක් තිබුනෙ නැ.අද වගේ ගෙවල් දොරවල් වහල ආරක්ෂා කරන්න අවශ්‍යතාවක් නැ.cctvකැමරා දාන්න ඕන නෑ.ස්වර්ණාභරණයෙන් සැරසුන කාන්තාවකට දකුනේ දෙවුන්දර තුඩුවේ පටන් උතුරේ පේදුරු තුඩුව දක්වා නිරුපද්‍රිතව ගිහින් එන්න පුලුවන්කම තිබුනා.
රජයේ අයිතිය යටතේ තිබුන ඉඩම් අයිතිය කිසිවෙකුටත් විකුනන්න ,උකස් කරන්න බෑ.මායිම් කටයුතු සැකසීම රජය සතු කාර්‍යක් වැව්,පොකුනු ඇල වේලි...ආදී කටයුතුවලට පත් කරපු තවත් නිල දාරින් හිට්ය....

උපුටා ගැනීම :
අති පුජනීය වහරක අභයරතනාලංකාර හිමි පාණන් විසින් රචිත සැගවුණු බොදුමග කල එලිදකී ග්‍රන්ථයෙනි.

No comments:

Post a Comment

මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්තමනුරක්ඛේ විභංගය

මේ පද පෙල පද සන්ධි වීම් ඉවත්කරල දක්වන්නෙ, මතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්ඛේ කියල. අනුරක්ෂරණය කරන එක මව් ගුණයක්. එය කරුණාව පිළිබඳ ...