Saturday, December 14, 2019

සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය

https://www.waharaka.com/

සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය…
වසර ගණනාවක්ම නිවැරදිව තෙරුම් යන ආකාරයට බුදුදහම වටහාගන්නට තැනින් තැන, පැයෙන් පැය, දේශකයාගෙන් දේශකයාට, විහාරයෙන් විහාරයට, අසපුවෙන් අසපුවට, ඒ ලොවෙන් මේ ලොවට – අත පාමින් දහම් පිපාසාව සංසිදුවාගන්නට සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා ආරක්ෂක භූමියට පාර සොයමින් වල්මත්වී රස්තියාදු ගැසූ කාලයක් විය.
පැයෙන් පැය කදුලෙන් කදුල එකතු කල දහම් බිඳු එකිනෙකට යාකරගැනීමටත් පෙර වියෙලී යනතරමේ ද්වේශ කාම රාග මහා ග්‍රීෂ්මය මැදින්, පෙර කල පිනේ වාසනාවකට මහා දහම් ජලාශයක් සේ; දෙපැයක්, සතියක්, දෙසතියක් හෝ දෙමසක් ඇතුළත දහම සොයා යන්නෙක් දැන ගතයුතුම යමක් ඇතිද නොඅඩුව ඒ පිපාසිතයාට දහම් ජලය බෙදා දෙන උතුම් ආර්යයන් අද අප ඇසුරට පත්ව ඇත.
මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!

No comments:

Post a Comment

මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්තමනුරක්ඛේ විභංගය

මේ පද පෙල පද සන්ධි වීම් ඉවත්කරල දක්වන්නෙ, මතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්ඛේ කියල. අනුරක්ෂරණය කරන එක මව් ගුණයක්. එය කරුණාව පිළිබඳ ...