සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය… වසර ගණනාවක්ම නිවැරදිව තෙරුම් යන ආකාරයට බුදුදහම වටහාගන්නට තැනින් තැන, පැයෙන් පැය, දේශකයාගෙන් දේශකයාට, විහාරයෙන් විහාරයට, අසපුවෙන් අසපුවට, ඒ ලොවෙන් මේ ලොවට – අත පාමින් දහම් පිපාසාව සංසිදුවාගන්නට සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා ආරක්ෂක භූමියට පාර සොයමින් වල්මත්වී රස්තියාදු ගැසූ කාලයක් විය. මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!
Friday, January 10, 2020
අනුන්ගේ දොස් සොයන්නට නිතර වෙහෙස වන අයට නොදැනුවත්වම නිතර දූශ්ය සිත් හට ගැ...
ලොවුතුරා බුදු වන බවට විවරණ විසිතුනක් ලබා සිටි අප මහා බෝසතාණන් වහන්සේ
කාශ්යප බුදු පියාණන් වහන්සේට වරෙක මුඩු මහනා යනුවෙන් හය වරක්ම අපවාද කර ඇත.
ඒ ජෝතිපාල නම් මානවකව සිටි අවධියේය. අනාගාමී ඵලයට පත්ව සිටි ඝටීකාර නම් තම මිතුරා ඊට උරණ නොවී කෙසේ හෝ කාශ්යප බුදු පියාණන් වහන්සේ වෙතට ගෙන ගියෙන් ඉන්පසු පැහැදී කමා කරගෙන සාසනයේ මහණ වී විසි හතර වන විවරණයද ලබා ගත් බව ධර්මයේ සඳහන් වේ.
මුගලන් මහ රහතන් වහන්සේ දුසී නම් මාර දිව්ය පුත්රයෙක් ව පෙර බුදු පියාණන්
වහන්සේ නමක් සමඟ පසුපසින් වැඩි අග්ර ශ්රාවක නමකට ගලකින් ද ගසා අපාගත වූ
කතාවක් ධර්මයේ සඳහන්ය.
මෙවන් උතුමන් අතින්ද මෙබඳු අපවාද සිදුවන බව සිහිකර ගත යුතුය. ඒ නිසා අපවාද
කළ කෙනෙක් දුටු විට හෙතෙම් පහත් නීච පුද්ගලයකුයයි හන්වඩු ගසන්නට නොයා
යුතුය.
අනුන්ගේ දොස් සොයානට නිතර වෙහෙස වන අයට නොදැනුවත්වම නිතර දූශ්ය සිත් හට
ගැනෙන්න පටන් ගනු ඇත. එය තමා තමාටම කර ගන්න අපරාධයක් බව නිතර සිහි කළ
යුතුය.සමගිය ඇති තැන බේද කර ගත් විට සාසන දියුණුව අඩාල වනු ඇත.
ආර්ය ගුණ ඇත්තෝ එවනි පෙදෙස් හා පිරිස් ඇසුරට කැමති නැත. සම්දිටු දේවතාවෝද කලකිරී ඉවත් වනු ඇත. සෑම අතින්ම පිරිහෙන්නට වනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්තමනුරක්ඛේ විභංගය
මේ පද පෙල පද සන්ධි වීම් ඉවත්කරල දක්වන්නෙ, මතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්ඛේ කියල. අනුරක්ෂරණය කරන එක මව් ගුණයක්. එය කරුණාව පිළිබඳ ...

-
මේ පද පෙල පද සන්ධි වීම් ඉවත්කරල දක්වන්නෙ, මතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්ඛේ කියල. අනුරක්ෂරණය කරන එක මව් ගුණයක්. එය කරුණාව පිළිබඳ ...
-
දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න) https://www.waharaka.com/listen/CD068-31 පෙටකොපදෙසෙ ඇතුළු මූලික අටුවා වල අනිච්ච විග්රහ...
No comments:
Post a Comment