Saturday, January 18, 2020

අම්මගේ සෙනෙහස නොතිබෙන්නට

අම්මගේ සෙනෙහස නොතිබෙන්නට අපි මැරැන තැන්වල ගසුත් පැලවෙන්ඩ තිබ්බ.
සැතපුම් දහයක් පයින් අපිව උස්සන් ඉස්පිරිතාලෙට ගෙනිච්චේ නැති නම් එදාම මේ ලොකේ සසර දුකට හේතුව ගැන බණක් අහන්ඩ කලින් සතර අපායට යන්ඩ තිබ්බා.
දරාගන්ඩ පුළුවන් හැම දුකක්ම විදගෙන ඉගැන්නුවේ නැත්නම් ,රස්සාවල් කරලා, හිත නිදහසේ නිවන් දකින පාර හොයාගන්ඩ බැ රිවෙන්ඩ් තිබ්බා.
ඇන ඇන බත් ගුලි කවලා ලොකු කරේ නැත්නම් , ලොකේ අසාරයි කියලා කියල අහගන්ඩ බැරි වෙන්ඩ් තිබ්බා.
ඒ සේරටම කලින් මේ ලොකේ එලිය බලන්ඩ දස මාසයක් කුසේ තියාගෙන බිහිකලේ නැත්නම් , තවම ගන්දබ් ලෝකෙට වෙල හූල්ල හූල්ල ඉන්ඩ තිබ්බ.
ලොවුතුරා බුදු හිමි දෙසුව දහම මතුවෙන මෙවැනි පින්බර කාලේ, වහරක අනුබුදු හිමි දෙසුව දම් කද අසන්නට , මෙලොවට බිහි කරල මග හැදුවට, අම්මේ උබට ජීවත් වේලා ඉන්න කාලෙම නිවන් දකින්නට ඒ පිනම හේතු වේවා !!! හේතු වේවා !!! හේතු වේවා !!!

මෙහි ඇති ඡායාරූපය උපුටා ගැනීමකි....එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

No comments:

Post a Comment

මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්තමනුරක්ඛේ විභංගය

මේ පද පෙල පද සන්ධි වීම් ඉවත්කරල දක්වන්නෙ, මතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්ඛේ කියල. අනුරක්ෂරණය කරන එක මව් ගුණයක්. එය කරුණාව පිළිබඳ ...