Friday, January 10, 2020

ප්‍රඥාව මුල්කරගෙන විඤ්ඤාණයට ආහාර නොදීමෙන් සතර සතිපට්ඨානය වැඩෙන ආකාරය

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

https://www.waharaka.com/listen/Swayan-Prabhaa-Aalokaya-36

ප්‍රඥාව මුල්කරගෙන විඤ්ඤාණයට ආහාර නොදීමෙන් සතර සතිපට්ඨානය වැඩෙන ආකාරය විස්තර කර දෙන්ඩ. 

දැන් හුඟක් හොඳයි, මේක හොඳට තේරුම් ගන්න ඕනේ ,ප්‍රඥාව මුල් කරගෙන විඤ්ඤාණයට ආහාර නො දෙන ආකාරය තේරුම් ගන්න ඕනේ,.දැන් අපි දැනගන්නවා අපිට මොනවද තියෙන්නෙ අයින් කරන්න.
අපිට කරදර කරන යම්කිසි මානසික දාහයක් ඇති කරනවානම්,මානසික වික්ෂිප්ත භාවයක් ඇති කරනවානම්, රාග ගිනි දේශ ගිනි මෝහ ගිනි ජාති ගිනි ජරා ගිනි මරණ ගිනි ආදී,වශයෙන් තියෙන මේ එකොළොස් ගින්නෙන් යමක් යමක් ඇති කරනවා නම් මේ මානසිකත්වයේ තියෙන රාග දේවේශ මෝහ උඩ අන්න ඒ ගින්න හට ගන්න රාග දේශ මෝහ දුරු කරගන්න ඕනේ.
ප්‍රඥාවෙන් තේරුම් ගත්තා ඉස්සෙල්ලා...
අන්න ඒ ප්‍රඥාවෙන් ඒ ටික තේරුම් අරගෙන අන්න ඒ රාග ද්වේශ මෝහ කොහෙද තියෙන්නේ රැඳිල තියෙන්නෙ කොහෙද අන්න ඒකත් බලාගෙන යනවා ...

බලාගෙන ගියහම දන්නවා එක දෙයක්,රාගය නිකන් හටගත්තේ නෑ.රාගයට හේතුවෙන්නා වු කර්මයන් සිද්ධ කරපුහාම ,ඒ රාග සහගත කර්ම විඥානය කර්ම භවයේ පිහිටනවා.භවයේ පිහිටලා නතර වෙන්නේ නෑ ,ඒක හැම වෙලේම හිතට මතුවී මතුවී ගෙනත් දෙනවා අදහස්' මොනවද ගෙනත් දෙන්නේ ,රාගය නැමැති අභ්‍යන්තරයේ ඉන්න රකුසා කන්ඩ ඉල්ලනවා......
මොනවද කන්නේ, රාගය කියන්න ඉස්සෙල්ලා තිබිච්චි එකක් නෑ හිත තිබනා පොඩි කාලේ.රාග හිත නෙමෙයි තිබුණේ.දැනෙන හිත.දැනෙන හිතට නෙමෙයි වැඩි දැවිල්ල ආවෙ රාග හිතට..
දැන් ප්‍රශ්නේ තියෙන්නේ රාග හිත දුරු කර ගන්න.එහෙනම් රාග හිත කියන්නේ රාග විඤ්ඤාණය මොකෙන්ද හට ගත්තේ රාග සහගතව හිතල කියලා කරල ඒකෙන් හටගත්ත ප්‍රතිඵලය.දැන් දැනගන්නවා රාග විඤ්ඤාණය පස්සේ ගොඩනැගුනේ දැනෙන හිත ඉස්සෙල්ලාත් තිබුනා දැනුත් තියෙනවා.ඒ දැනෙන මට්ටම ඉක්මවල ගිහිල්ලා ආශ්වාද මට්ටමක් හිතේ බැහැ ගෙන අපි ඒකට කියනව විවිධ රාග මොන රාගද
රූප රාගය හරි ලස්සන රූප බලන්න ආසයි
ශබ්ද රාගය මිහිරි ශබ්ද අහන්න ආසයි
ගන්ද රාගය විවිධාකාරයේ ගන්ද ආග්‍රහනය කරන්න ආසයි
රස රාගය විවිධ රස වලට ආසයි එකිනෙකට බලවත් වැඩියි
ස්පර්ශය රාගය විවිධාකාරයේ ස්පර්ශයන් දෙන රාගයන් විඳින්න ආසයි
ඉතින් ධර්ම රාගය යොද වල ඉඳන් ඔය ටික විඳින්න ක්‍රම හොයනවා.දැන් මෙන්න මේක තමයි ස්වභාවය.දැන් මේකෙන් දැනගන්ට ඕන මෙහෙම ඇති වෙන්නේ මොකක්ද අනුකූල රාගය ඒකට හේතු කාරක වන විඤ්ඤාණය පහළ වෙලා.දැන් අපි හොයාගන්න හොයා ගන්න හෝ විඥානය මොකක්ද රාග විඤ්ඤාණය කියන්නේ එකක් නෙවෙයි
රූප රාග විඥානයක්
ශබ්ද රාග විඤ්ඤාණයක්
ගන්ද රාග විඤ්ඤාණයක්
රස රාග විඤ්ඤාණයක්
පොට්ඨබ්බ රාග විඥාණයක්
ඕක කෝක හරි එකක් වෙන්න පුළුවන් එකක් හෝ ගොඩක් වෙන්න පුළුවන්.දැන් අපි තෝරාගන්න ඕන විදර්ශනා කරනවා කියන්නේ ඒකයි.එකිනෙක වෙන් කර වෙන් කර බලනවා මේ විඤ්ඤාන ප්‍රබේද,ප්‍රභේද බලනකොට අපට පේනවා මොනවද...
මට රූප රාග විඤ්ඤාණ එහෙම හැදිලා තියෙනවාද.
ඒ කොහොමද හොයන්නෙ.උපන් කාලේ ඉඳලා මට මොනවත් බලන්න ආසාවක් තිබුනෙ නැහැ.දැන් එක එක ජාතියේ ඒවා බලලා දැන් මොන ජාතියේ ඒවා බලන්නද මගේ හිතේ තියෙන්නේ..මගෙ පෝන් එකේ ගහගෙන තියෙනවද හොරෙන් බලන පොටෝ එහෙම.මං මොනවද ගහගෙන එහෙම තියෙන්නේ බලන්න හොරෙන් එහෙම ඉඳගෙන.දැන් නැන්නන් මං හංගගෙන මොන හරි බලනවා ද පොටෝ එහෙම විශේෂ එහෙම.
දර්ශන රාගයක් ඇත්නම් රූප රාග හටගත්තා නම් මං හොයන බලන ඇහැ කරකව කරකව බලන යම්කිසි රුපයක් ඇද්ද අන්න ඒක අරමුණු කරගෙන පිහිටලා තියෙන රාගය තමුන්ට තේරුම් තේරුම් ගන්න පුළුවන් ...මෙන්න මගේ රූපරාග විඤ්ඤාණයත් ඒක අනිත් කෙනෙකුට හොයන්න බෑ කවුද කියන්නෙ අනිත් කෙනෙකුට, තමන්ම හොයාගන්න ඕන මෙන්න මෙබඳු ආකාරයේ රූපයක් දකින කොට මගේ හිත හිත රාගයෙන් කුපිත වෙනවා නේ ඒක විවිධ වෙන්න පුළුවන් ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියම නොවෙයි ඒක එකක් වෙන්න පුළුවන්.සමහර විට අනුන්ගේ මල් ගහක් තියෙනවා ඒ මල් ගස් වලට කෑදර පුද්ගලයට ආසා කරන පුද්ගලයාට හරි ආසයි ලස්සන මල් ගහක් තිබුනොත් .අනුන්ගේ වත්තක ලස්සන මල් ගහක් තියෙනවා පැලයක් දෙකකුත් තියෙනවා.වට පිට බැලුවා මොකද කරන්නේ පේන්නවත් නෑ කවුරුවත් පැන්න ගහ පිටින් උදුරගත්ත පැනලා දිව්වා.දැන් මොකක්ද මා කරේ හොරකමක් කෙරුවා බොහොම සූක්ෂම විදියට.හරි ලස්සන මල් ගහ හොරෙන් ගෙන ආවා.හොරෙන්ම හිටව ගන්නවා කොහේ හරි මුල්ලක අස්සක පෝච්චියක ගහලා දැන් ඉතින් බයේ වෙවුලනවා.කවුරුහරි දැක්කද දන්නේ නෑ.කවුරු හරි මොනවා හරි කියයි ද දන්නේ නෑ.දැන් ඉතින් ඔය පුංචි දේටත් හිතින් තැවෙන හැටි.පුංචි දෙයක් නිසාත් මනස දුශ්‍ය වෙන හැටි.හොරකමට ගෝචර වෙච්ච හැටි රූප රාගයේ ආදීනව.ඒකත් රූප රාගයක් දර්ශන රූප රාගය.
ඉතින් ඒක විතරක් නෙමේ ඔය පුංචි එකක් විතරයි කිව්වේ.මල් ගහක් විතර.මල් ගහට වැඩිය හරියට හොයන ඒවා තියනවා මිනිස්සු...විවිධාකාර දේවල්.සමහර විට ඒවා ගැන මත් වෙච්චහම මොකද වෙන්නේ,පිස්සු හැදෙනවා...රූප රාගයේ තරම ඒ තරම් බලවත්.
ඒ වගේම ශබ්ද රාගය.

ශබ්ද රාගයෙන් මත් වුණු අය කොච්චර ඉන්නවද එහාට මෙහාට තට්ටු කර කර සිංදු කෑලි කියනවා.. සංගීත කෑලි කියනවා..  ශබ්ද රාගයට වැටිලා.විඤ්ඤාණය මොකක් වෙලාද.රාග විඤ්ඤාණයක් හිතේ හටගෙන මොණ රාගද..ශබ්ද රාග විඤ්ඤාණය.අන්න තමන් හොයන්න ඕනෙ තමන්ගේ විඥානය.ප්‍රඥාවෙන් හොයන්න ඕන මොකක් ද ඒ විඤ්ඤාණය කියන එක,
එතකොට ඒ වගේම ගන්ද රාග විඤ්ඤාණය ඒකත් ඒ වගේම තමා සමහර වෙලාවට මං හොයාගත්ත සෙන්ට් කුප්පිය අරකට පෙන්නන්න හොඳ නැහැ .එතකොට ඌත් ගන්නවනෙ , එතකොට මගේ විශේෂත්වය අනෙකෙකුට පේන්නෙ නැහැනෙ.මං ළඟ විතරයි මේ සුවඳ තියෙන්නේ.ඒක පෙන්නන්න ගන්ද රාගයන් අරගෙන ඒකත් ඔය අසාධාරණ සහගතව තණ්හා සාගත ඒකෙම එල්බ ගෙන ඒකට දඟලන අයත් ඉන්නවා.සෙන්ට් එක නැත්නම් ගමනක් යන්නෙත් නෑ රස්සාවට යන්නත් බෑ " සෙන්ට් කුප්පිය ඉවරයි නේ "....... ගහගෙන යන්න එකක් නැතුව ඒ තරම් අඬනවා දුක්වෙනවා... ගන්ද රාග විඤ්ඤාණ හැදුනහම තමයි ඒක ඒ විඤ්ඤාණය හැදුනහමයි අමාරු...
ඊට වඩා  ගැබුරැ එකක් තියෙනවා රස රාග විඥානය නෙද්දකින් විතරක් කට හරියෙ තියන්න බෑ වතුර වගේ, මේක උයල තියෙන විදිහක් , ගහනවා පොලවේ බත් පිඟානත් එක්ක ඔළුවේ ගහනව.මොකද මේ, බැදුමක් කටට රහට හදලා තියෙන්න බෑයිද.මෙච්චර මේ මස් මාලු තියනවා ගෙනැල්ල පොඩ්ඩක් උයල කරල හදල දෙන්න බැරිද.ප්‍රශ්න ගොඩක් රස රාග විඤ්ඤාණය හැදිලා ඔය ඔක්කොම වෙන්නෙ මොකක් නිසාද ඔයිට වඩා භයානක එකක් තියෙනවා ස්පර්ශ රාග විඥානය.ජීවිතය පරදුවට තබලා ජීවිත විනාශ කරන විඤ්ඤාණයක්. අන්තිම දාමරික යි.
මෙන්න මේ වගේ පංච කාමයන්ට විඥාන පහක් තියෙනවා පස් ආකාර ඒ ඒ එක එක විඤ්ඤාණ එකෙත් බෙදෙනවා තම තමන් යම්කිසි අරමුණක් අල්ලගත්තනම් ඒ ජාතිය අරමුණු අල්ලගෙන විඤ්ඤාණ හට ගන්නවා.
රූප රාගත් විවිධ ශබ්ද ගැන, සබ්ද රාගත් විවිධ ශබ්ද ගැන.
ගන්ද රාග වලට විවිධ ගඳ ගැන ඉතින් මේ විදර්ශනා කරන්නේ බෙද බෙදා බලනවා මොකක්ද මේ බෙද බෙදා බලන්නනෙ.

........බෙද බෙදා බලනවා විභජ්ජවාදී කියනවා..බෙදන හැටි දන්නෑ නේ........

ඔන්න ඔහොම බෙදන්න ඕනෙ මොකටද බෙදන්නෙ.බෙදන්නේ නැත්නම් හොයා ගන්න බෑනේ මොකක්ද අයින් කරන්න ඕනේ මොකක්ද තියෙන ප්‍රශ්නය...ප්‍රශ්නෙ හොයාගන්න බෙදලා බලන්න ඕනේ..මෙන්න මේ පස් ආකාරයට බෙදලා බැලුවම අහුවෙනවා.කෝටි ගානකට බෙද බෙද යනවා තමන් අහු වෙලා තියෙන එක පේනවා,
අනුන්ගේ එක හොයනවට වඩා තමන්ගේ හොයනවනම් කොච්චර වටිනවද, මෙන්න මෙහෙම හොයාගෙන ගියහම රාග දේශ ද්වේශ මෝහ මේ ඔක්කොම අහු වෙනවා.

ඉස්සෙල්ලා අහුවෙන්නේ රාග ද්වේශ මෝහ දෙකේ කෑලි.මෙන්න මෙබඳු රාගයක් මෙන්න මෙබඳු දෙයට දෙයට විරුද්ධ දෙයක් එනකොට මට ඉන්න බෑ, හරි තරහ යනවා මරා ගන්න හිතෙනවා, මොන ජාතියෙ ඒවාට ද මං කැතයි එහෙම කියනවා නම් මට ඔච්චර තරහ එකක් නෑ මගේ අඩුපාඩුවක් ඇද කුදයක් කියනවා නම් මට එපා වෙනවා මරන්න හිතෙනවා. ජාති ජාතිත් කතා කරන්නේ කතා කරන්නේ නැහැ කියලා හිතෙනවා. ලස්සනයි කියනවා නම් එකා එක්ක යාළු වෙලාම ඉන්න හිතෙනවා.

ඒ එක එක ක්‍රම මොකද මේ, රූප රාග විඤ්ඤාණය එක පැත්තක් ගිහිල්ලා රූපයේ ලස්සන එක පැත්තකින් අල්ලලා. 

තව රූප රාග විඤ්ඤාණය තමයි මල් ගස් හොඳයි කියන එක. එයා ඒ රූප රාගයට ඇදිලා විවිධ රූප රාග ඉතින් ඕක තමයි බෙද බෙදා බලන්න ඕනේ ඉතින් බලන්න ඕනේ.

මොකක්ද මේ විභජ්ජවාදී කියන්නේ බෙද බෙදා බලනවා...

මෙහෙම බලාගෙන බලාගෙන යන කොට අහුවෙනව මෙන්න විඤ්ඤාණය, මෙන්න විඤ්ඤාණයට හේතුව මෙන්න, මෙබඳු සංඛාරයක්, මේක අවිද්‍යාවෙන්, මේක හොඳයි කියලා නිගමනය කරලා, අන්න ඒ ජාතියේ අදහස මුදුන්පත් කරගන්න, ඒ ජාතියේ ඒවා ලබා ගන්න, හිතෙන් සිතෙන් කයෙන් වචනයෙන් හිතුවා, කිව්වා, කරා....ඒ හිතන කියන කරන එක ආහාර කරගෙන ඒකෙ ප්‍රථ්‍ය වශයෙන් සංඛාර පච්චයා විඤ්ඤාණ කියලා පහල වුනා විඤ්ඤාණයක්...අවිද්‍යා ප්‍රත්‍යයෙනුයි ඒක පහළ වුණේ.අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඒ සංඛාරය පහල වෙලා ඒ විඤ්ඤාණය පහළ වුනේ දැන් දන්නවා පහල වෙච්ච විඥානය මොකද කරන්නේ
බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා අනාවරණ ඥානය දැකල එක දෙයක් මේ විඤ්ඤාණයට ආහාර නැතිව ජීවත් වෙන්න බෑ මේ විඤ්ඤාණ ජීවත් වෙන්න හිත තුල ආහාරයක් ඇතිවයි.ආහාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වේ.මොකද්ද විඤ්ඤාණය ආහාරය සංඛාර. මොන සංඛාර ද සංඛාර කිවුවට බෑ දැන් සංඛාරය හොයාගන්නවා මල් ගහ හොරකම් කෙරෙන්නා වූ සංඛාරය මොකක්ද මල් වලවලට ආසා කරල හිතෙන් කයෙන් වචනයෙන් මල් වර්ණනා කර කර මල් ගස් හිටව හිටව ඉඳපු එකෙන් හට ගත්ත සංඛාරය හොඳ ලස්සන මල් වත්තක් හදා ගන්න ආසාව හොඳ ලස්සනට මල් වලට තිබුන ආසාව ඒව ගැන කතා කරලා ඒව ගැන කියලා කරල හිතලා ඒවා තුළින් ගොඩ නැගිච්ච දෘෂ්ටියක් තමයි ඒ තියෙන්නේ.කොච්චර ලස්සනට මල් හිටව හිටව ඉදියත් එක පාරටම හුස්ම ටික ගියොත් ඒවා ඔක්කොම දාලා යන්න වෙනවා එක්කො එකෙම පෙරේතියක් වෙනවා නෑන්නන් පෙරේතයෙක් වෙන්න වෙනවා.

දැන් මොකද කරන්න ඕනේ අසාරත්වය දකින්න ඕනේ වැඩක් තියෙන එකක් පස්සේ නෙවෙයි ගියේ.හට ගත්තේ ඒවා පස්සෙ ගිහිල්ලා නම් වැඩක් නැති අසාර මල් පස්සේ මීට පස්සේ යන්නේ නෑ මල් වලට ඇදිච්ච විඥානය අයින් කරන්න ඕන්නම් මල් ගස් හිටවන එක පැත්තකට දාලා තමුන්ගේ වැඩක් බලා ගන්නවා ඔයිට වඩා වැදගත් එකක් කරන්න නැද්ද මට ඔය වෙලාවේ කොච්චි ගහක් හිටවනවා නේ
කොච්චි ගහට ආසා කරන්න දෙයක් නෑ බටු ගහට ආසා කරන්න දෙයක් නෑ මිරිස් ගහට ආසා කරන දෙයක් නෑ .කෑම වේලක් කන්න මිරිස් කෑල්ලක් දාගන්න ලුණු කෑල්ලක් දාගන්න ඔයිට වඩා හොඳයි නේ ඒක එහෙම කරනවා එතකොට අර විඥානය අහක් වෙලා යනවා.එතකොට කාලය අපතේ යන්නේ නෑ තමන් අත්හැරිය කියලා තමන්ට අවැඩක් වුණෙත් නැහැ. මල් හිටවන එක අත් හැරල ඊට වඩා කන බොන අහාරයක් හදාගන්න එකට යොමු කරනව.
අන්න එහෙම අයින් කරගන්න ක්‍රමයක් තියෙනවා අත්හැරලා නිකං ඉන්න එක නෙමෙයි පිස්සො වාගේ..ඒකත් බෞද්ධ කම නෙමෙයි යහපත් දේ ට තමන්ගේ සිතුවිලි ක්‍රියා වදන් යොදවන කොට ඒ යහපත් දේ සියල්ල චන්ද රාග සහගත නැහැ..හිත ඇලෙන ඒවම නොවෙයි.ඒ හින්ද අපිට අවශ්‍ය වෙනවා කන්න ආහාරයක්.ඉන්න තැනක් ලෙඩට බෙහෙතක් ඉන්ට වස්ත්‍රයක් කියන සිව්පසය..ආසාවට නොවෙයි ඒවා කරන්නේ නොකර බැරි කමට වැසිකිළය හදාගන්නෙ ආසාවට නොවෙයි අවශ්‍ය නිසා මෙන්න මේ අදහසින් කන්න බොන්න ඕනේ ඕන ඒවා ආහාර ඒවා හදාගන්න ඕනේ හොඳ හින්ද නෙවෙයි අවශ්‍ය නිසා අර වැඩක් නැති ඒවට යොදවන කාලය සිතුවිලි ක්‍රියා වදන් යොදවපුවා නවත්වලා ඒවා යොදවනවා අර සිව්පසය හොයන පැත්තකට.අන්න එහෙම කරගෙන ගියාම ක්‍රමානුකූලව තමන්ගේ කාලය ඉතිරි වෙනවා.

අවශ්‍ය දැහැමි දේ වැදගත් දේ කරනවා අනවශ්‍ය නොවැදගත් දෙයක් තියෙනවනම් ඒවත් අත් හැරිලා යනවා අර පුහු විඤ්ඤාණ වලට තියෙන ආහාර නතර වෙන කොට සංඛාර නමැති..................
"සංඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වෙනවා...

අපිට මහන්සියක් මුකුත් නෑ ටික දවසක් යනකොට මල් වලට තිබිච්ච ආසව කොහෙන් ගියාද දන්නේ නෑ මල් වලට විතරක් නෙමෙයි ඔය ජාතිය හරියට අරගෙන හරියට එල්ල කරලා හොයා ගෙන ගිහිල්ල ඒක අත්හැරියොත් ඒකට තියෙන ආහාරය නවත්තලා බලා ඉන්දැද්දී සියලු කෙලෙස් වලට තියෙන ආහාර නැවතුනහම කෙලෙස් ඉවරයි.විඤ්ඤාණ ඔක්කොම කැපිල යනවා කාටවත් කියලා මේකා නම් කොරන්න බෑ අනේ මට මෙහෙම එකක් තියෙනවා මොකද කරන්න ඕනේ කිව්වට බෑ ඔය ආකාරයට විභජ්ජවාදී ව බෙදලා හේතු ඵලය සොයාගෙන
හේතුං පටිච්ච සම්භුතං කියන මෙන්න මේ හේතුවෙනුයි මේ ප්‍රත්‍ය පහළ වුණේ කියලා දැකලා
හේතු භංගා නිරුජ්ජතී කියන ධර්මයෙන් ඒ හේතුව භංග කරපුවාම විඤ්ඤාණ නිරෝධයෙන් නාම-රූප නිරෝධ කරනවා.

එතකොට මොකද වෙන්නේ නාම-රූප නිරෝධයෙන් සළායතන නිරෝධයි.හිතුවත් නැතත් චක්‍රය ක්‍රියාත්මක වුණා
ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ඔක්කොම නිරෝධයි.අවසානයි ඔය විදිහටයි පටිච්ච සමුප්පාදයෙන් නිරෝධය කරා යන්නේ.

අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
 දේශනාව උපුටා ගන්නා ලද්දේ - https://www.waharaka.com/listen/Swayan-Prabhaa-Aalokaya-36


No comments:

Post a Comment

මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්තමනුරක්ඛේ විභංගය

මේ පද පෙල පද සන්ධි වීම් ඉවත්කරල දක්වන්නෙ, මතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්ඛේ කියල. අනුරක්ෂරණය කරන එක මව් ගුණයක්. එය කරුණාව පිළිබඳ ...