Saturday, January 18, 2020

අම්මගේ සෙනෙහස නොතිබෙන්නට

අම්මගේ සෙනෙහස නොතිබෙන්නට අපි මැරැන තැන්වල ගසුත් පැලවෙන්ඩ තිබ්බ.
සැතපුම් දහයක් පයින් අපිව උස්සන් ඉස්පිරිතාලෙට ගෙනිච්චේ නැති නම් එදාම මේ ලොකේ සසර දුකට හේතුව ගැන බණක් අහන්ඩ කලින් සතර අපායට යන්ඩ තිබ්බා.
දරාගන්ඩ පුළුවන් හැම දුකක්ම විදගෙන ඉගැන්නුවේ නැත්නම් ,රස්සාවල් කරලා, හිත නිදහසේ නිවන් දකින පාර හොයාගන්ඩ බැ රිවෙන්ඩ් තිබ්බා.
ඇන ඇන බත් ගුලි කවලා ලොකු කරේ නැත්නම් , ලොකේ අසාරයි කියලා කියල අහගන්ඩ බැරි වෙන්ඩ් තිබ්බා.
ඒ සේරටම කලින් මේ ලොකේ එලිය බලන්ඩ දස මාසයක් කුසේ තියාගෙන බිහිකලේ නැත්නම් , තවම ගන්දබ් ලෝකෙට වෙල හූල්ල හූල්ල ඉන්ඩ තිබ්බ.
ලොවුතුරා බුදු හිමි දෙසුව දහම මතුවෙන මෙවැනි පින්බර කාලේ, වහරක අනුබුදු හිමි දෙසුව දම් කද අසන්නට , මෙලොවට බිහි කරල මග හැදුවට, අම්මේ උබට ජීවත් වේලා ඉන්න කාලෙම නිවන් දකින්නට ඒ පිනම හේතු වේවා !!! හේතු වේවා !!! හේතු වේවා !!!

මෙහි ඇති ඡායාරූපය උපුටා ගැනීමකි....එහි අයිතිය මුල් ඡයාරූප ශිල්පියා / කතුවරයා / කතුවරිය සතුය.පූර්ණ ගෞරවය ඔහුට / ඇයට හිමි වෙි.

Friday, January 10, 2020

ප්‍රඥාව මුල්කරගෙන විඤ්ඤාණයට ආහාර නොදීමෙන් සතර සතිපට්ඨානය වැඩෙන ආකාරය

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

https://www.waharaka.com/listen/Swayan-Prabhaa-Aalokaya-36

ප්‍රඥාව මුල්කරගෙන විඤ්ඤාණයට ආහාර නොදීමෙන් සතර සතිපට්ඨානය වැඩෙන ආකාරය විස්තර කර දෙන්ඩ. 

දැන් හුඟක් හොඳයි, මේක හොඳට තේරුම් ගන්න ඕනේ ,ප්‍රඥාව මුල් කරගෙන විඤ්ඤාණයට ආහාර නො දෙන ආකාරය තේරුම් ගන්න ඕනේ,.දැන් අපි දැනගන්නවා අපිට මොනවද තියෙන්නෙ අයින් කරන්න.
අපිට කරදර කරන යම්කිසි මානසික දාහයක් ඇති කරනවානම්,මානසික වික්ෂිප්ත භාවයක් ඇති කරනවානම්, රාග ගිනි දේශ ගිනි මෝහ ගිනි ජාති ගිනි ජරා ගිනි මරණ ගිනි ආදී,වශයෙන් තියෙන මේ එකොළොස් ගින්නෙන් යමක් යමක් ඇති කරනවා නම් මේ මානසිකත්වයේ තියෙන රාග දේවේශ මෝහ උඩ අන්න ඒ ගින්න හට ගන්න රාග දේශ මෝහ දුරු කරගන්න ඕනේ.
ප්‍රඥාවෙන් තේරුම් ගත්තා ඉස්සෙල්ලා...
අන්න ඒ ප්‍රඥාවෙන් ඒ ටික තේරුම් අරගෙන අන්න ඒ රාග ද්වේශ මෝහ කොහෙද තියෙන්නේ රැඳිල තියෙන්නෙ කොහෙද අන්න ඒකත් බලාගෙන යනවා ...

බලාගෙන ගියහම දන්නවා එක දෙයක්,රාගය නිකන් හටගත්තේ නෑ.රාගයට හේතුවෙන්නා වු කර්මයන් සිද්ධ කරපුහාම ,ඒ රාග සහගත කර්ම විඥානය කර්ම භවයේ පිහිටනවා.භවයේ පිහිටලා නතර වෙන්නේ නෑ ,ඒක හැම වෙලේම හිතට මතුවී මතුවී ගෙනත් දෙනවා අදහස්' මොනවද ගෙනත් දෙන්නේ ,රාගය නැමැති අභ්‍යන්තරයේ ඉන්න රකුසා කන්ඩ ඉල්ලනවා......
මොනවද කන්නේ, රාගය කියන්න ඉස්සෙල්ලා තිබිච්චි එකක් නෑ හිත තිබනා පොඩි කාලේ.රාග හිත නෙමෙයි තිබුණේ.දැනෙන හිත.දැනෙන හිතට නෙමෙයි වැඩි දැවිල්ල ආවෙ රාග හිතට..
දැන් ප්‍රශ්නේ තියෙන්නේ රාග හිත දුරු කර ගන්න.එහෙනම් රාග හිත කියන්නේ රාග විඤ්ඤාණය මොකෙන්ද හට ගත්තේ රාග සහගතව හිතල කියලා කරල ඒකෙන් හටගත්ත ප්‍රතිඵලය.දැන් දැනගන්නවා රාග විඤ්ඤාණය පස්සේ ගොඩනැගුනේ දැනෙන හිත ඉස්සෙල්ලාත් තිබුනා දැනුත් තියෙනවා.ඒ දැනෙන මට්ටම ඉක්මවල ගිහිල්ලා ආශ්වාද මට්ටමක් හිතේ බැහැ ගෙන අපි ඒකට කියනව විවිධ රාග මොන රාගද
රූප රාගය හරි ලස්සන රූප බලන්න ආසයි
ශබ්ද රාගය මිහිරි ශබ්ද අහන්න ආසයි
ගන්ද රාගය විවිධාකාරයේ ගන්ද ආග්‍රහනය කරන්න ආසයි
රස රාගය විවිධ රස වලට ආසයි එකිනෙකට බලවත් වැඩියි
ස්පර්ශය රාගය විවිධාකාරයේ ස්පර්ශයන් දෙන රාගයන් විඳින්න ආසයි
ඉතින් ධර්ම රාගය යොද වල ඉඳන් ඔය ටික විඳින්න ක්‍රම හොයනවා.දැන් මෙන්න මේක තමයි ස්වභාවය.දැන් මේකෙන් දැනගන්ට ඕන මෙහෙම ඇති වෙන්නේ මොකක්ද අනුකූල රාගය ඒකට හේතු කාරක වන විඤ්ඤාණය පහළ වෙලා.දැන් අපි හොයාගන්න හොයා ගන්න හෝ විඥානය මොකක්ද රාග විඤ්ඤාණය කියන්නේ එකක් නෙවෙයි
රූප රාග විඥානයක්
ශබ්ද රාග විඤ්ඤාණයක්
ගන්ද රාග විඤ්ඤාණයක්
රස රාග විඤ්ඤාණයක්
පොට්ඨබ්බ රාග විඥාණයක්
ඕක කෝක හරි එකක් වෙන්න පුළුවන් එකක් හෝ ගොඩක් වෙන්න පුළුවන්.දැන් අපි තෝරාගන්න ඕන විදර්ශනා කරනවා කියන්නේ ඒකයි.එකිනෙක වෙන් කර වෙන් කර බලනවා මේ විඤ්ඤාන ප්‍රබේද,ප්‍රභේද බලනකොට අපට පේනවා මොනවද...
මට රූප රාග විඤ්ඤාණ එහෙම හැදිලා තියෙනවාද.
ඒ කොහොමද හොයන්නෙ.උපන් කාලේ ඉඳලා මට මොනවත් බලන්න ආසාවක් තිබුනෙ නැහැ.දැන් එක එක ජාතියේ ඒවා බලලා දැන් මොන ජාතියේ ඒවා බලන්නද මගේ හිතේ තියෙන්නේ..මගෙ පෝන් එකේ ගහගෙන තියෙනවද හොරෙන් බලන පොටෝ එහෙම.මං මොනවද ගහගෙන එහෙම තියෙන්නේ බලන්න හොරෙන් එහෙම ඉඳගෙන.දැන් නැන්නන් මං හංගගෙන මොන හරි බලනවා ද පොටෝ එහෙම විශේෂ එහෙම.
දර්ශන රාගයක් ඇත්නම් රූප රාග හටගත්තා නම් මං හොයන බලන ඇහැ කරකව කරකව බලන යම්කිසි රුපයක් ඇද්ද අන්න ඒක අරමුණු කරගෙන පිහිටලා තියෙන රාගය තමුන්ට තේරුම් තේරුම් ගන්න පුළුවන් ...මෙන්න මගේ රූපරාග විඤ්ඤාණයත් ඒක අනිත් කෙනෙකුට හොයන්න බෑ කවුද කියන්නෙ අනිත් කෙනෙකුට, තමන්ම හොයාගන්න ඕන මෙන්න මෙබඳු ආකාරයේ රූපයක් දකින කොට මගේ හිත හිත රාගයෙන් කුපිත වෙනවා නේ ඒක විවිධ වෙන්න පුළුවන් ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියම නොවෙයි ඒක එකක් වෙන්න පුළුවන්.සමහර විට අනුන්ගේ මල් ගහක් තියෙනවා ඒ මල් ගස් වලට කෑදර පුද්ගලයට ආසා කරන පුද්ගලයාට හරි ආසයි ලස්සන මල් ගහක් තිබුනොත් .අනුන්ගේ වත්තක ලස්සන මල් ගහක් තියෙනවා පැලයක් දෙකකුත් තියෙනවා.වට පිට බැලුවා මොකද කරන්නේ පේන්නවත් නෑ කවුරුවත් පැන්න ගහ පිටින් උදුරගත්ත පැනලා දිව්වා.දැන් මොකක්ද මා කරේ හොරකමක් කෙරුවා බොහොම සූක්ෂම විදියට.හරි ලස්සන මල් ගහ හොරෙන් ගෙන ආවා.හොරෙන්ම හිටව ගන්නවා කොහේ හරි මුල්ලක අස්සක පෝච්චියක ගහලා දැන් ඉතින් බයේ වෙවුලනවා.කවුරුහරි දැක්කද දන්නේ නෑ.කවුරු හරි මොනවා හරි කියයි ද දන්නේ නෑ.දැන් ඉතින් ඔය පුංචි දේටත් හිතින් තැවෙන හැටි.පුංචි දෙයක් නිසාත් මනස දුශ්‍ය වෙන හැටි.හොරකමට ගෝචර වෙච්ච හැටි රූප රාගයේ ආදීනව.ඒකත් රූප රාගයක් දර්ශන රූප රාගය.
ඉතින් ඒක විතරක් නෙමේ ඔය පුංචි එකක් විතරයි කිව්වේ.මල් ගහක් විතර.මල් ගහට වැඩිය හරියට හොයන ඒවා තියනවා මිනිස්සු...විවිධාකාර දේවල්.සමහර විට ඒවා ගැන මත් වෙච්චහම මොකද වෙන්නේ,පිස්සු හැදෙනවා...රූප රාගයේ තරම ඒ තරම් බලවත්.
ඒ වගේම ශබ්ද රාගය.

ශබ්ද රාගයෙන් මත් වුණු අය කොච්චර ඉන්නවද එහාට මෙහාට තට්ටු කර කර සිංදු කෑලි කියනවා.. සංගීත කෑලි කියනවා..  ශබ්ද රාගයට වැටිලා.විඤ්ඤාණය මොකක් වෙලාද.රාග විඤ්ඤාණයක් හිතේ හටගෙන මොණ රාගද..ශබ්ද රාග විඤ්ඤාණය.අන්න තමන් හොයන්න ඕනෙ තමන්ගේ විඥානය.ප්‍රඥාවෙන් හොයන්න ඕන මොකක් ද ඒ විඤ්ඤාණය කියන එක,
එතකොට ඒ වගේම ගන්ද රාග විඤ්ඤාණය ඒකත් ඒ වගේම තමා සමහර වෙලාවට මං හොයාගත්ත සෙන්ට් කුප්පිය අරකට පෙන්නන්න හොඳ නැහැ .එතකොට ඌත් ගන්නවනෙ , එතකොට මගේ විශේෂත්වය අනෙකෙකුට පේන්නෙ නැහැනෙ.මං ළඟ විතරයි මේ සුවඳ තියෙන්නේ.ඒක පෙන්නන්න ගන්ද රාගයන් අරගෙන ඒකත් ඔය අසාධාරණ සහගතව තණ්හා සාගත ඒකෙම එල්බ ගෙන ඒකට දඟලන අයත් ඉන්නවා.සෙන්ට් එක නැත්නම් ගමනක් යන්නෙත් නෑ රස්සාවට යන්නත් බෑ " සෙන්ට් කුප්පිය ඉවරයි නේ "....... ගහගෙන යන්න එකක් නැතුව ඒ තරම් අඬනවා දුක්වෙනවා... ගන්ද රාග විඤ්ඤාණ හැදුනහම තමයි ඒක ඒ විඤ්ඤාණය හැදුනහමයි අමාරු...
ඊට වඩා  ගැබුරැ එකක් තියෙනවා රස රාග විඥානය නෙද්දකින් විතරක් කට හරියෙ තියන්න බෑ වතුර වගේ, මේක උයල තියෙන විදිහක් , ගහනවා පොලවේ බත් පිඟානත් එක්ක ඔළුවේ ගහනව.මොකද මේ, බැදුමක් කටට රහට හදලා තියෙන්න බෑයිද.මෙච්චර මේ මස් මාලු තියනවා ගෙනැල්ල පොඩ්ඩක් උයල කරල හදල දෙන්න බැරිද.ප්‍රශ්න ගොඩක් රස රාග විඤ්ඤාණය හැදිලා ඔය ඔක්කොම වෙන්නෙ මොකක් නිසාද ඔයිට වඩා භයානක එකක් තියෙනවා ස්පර්ශ රාග විඥානය.ජීවිතය පරදුවට තබලා ජීවිත විනාශ කරන විඤ්ඤාණයක්. අන්තිම දාමරික යි.
මෙන්න මේ වගේ පංච කාමයන්ට විඥාන පහක් තියෙනවා පස් ආකාර ඒ ඒ එක එක විඤ්ඤාණ එකෙත් බෙදෙනවා තම තමන් යම්කිසි අරමුණක් අල්ලගත්තනම් ඒ ජාතිය අරමුණු අල්ලගෙන විඤ්ඤාණ හට ගන්නවා.
රූප රාගත් විවිධ ශබ්ද ගැන, සබ්ද රාගත් විවිධ ශබ්ද ගැන.
ගන්ද රාග වලට විවිධ ගඳ ගැන ඉතින් මේ විදර්ශනා කරන්නේ බෙද බෙදා බලනවා මොකක්ද මේ බෙද බෙදා බලන්නනෙ.

........බෙද බෙදා බලනවා විභජ්ජවාදී කියනවා..බෙදන හැටි දන්නෑ නේ........

ඔන්න ඔහොම බෙදන්න ඕනෙ මොකටද බෙදන්නෙ.බෙදන්නේ නැත්නම් හොයා ගන්න බෑනේ මොකක්ද අයින් කරන්න ඕනේ මොකක්ද තියෙන ප්‍රශ්නය...ප්‍රශ්නෙ හොයාගන්න බෙදලා බලන්න ඕනේ..මෙන්න මේ පස් ආකාරයට බෙදලා බැලුවම අහුවෙනවා.කෝටි ගානකට බෙද බෙද යනවා තමන් අහු වෙලා තියෙන එක පේනවා,
අනුන්ගේ එක හොයනවට වඩා තමන්ගේ හොයනවනම් කොච්චර වටිනවද, මෙන්න මෙහෙම හොයාගෙන ගියහම රාග දේශ ද්වේශ මෝහ මේ ඔක්කොම අහු වෙනවා.

ඉස්සෙල්ලා අහුවෙන්නේ රාග ද්වේශ මෝහ දෙකේ කෑලි.මෙන්න මෙබඳු රාගයක් මෙන්න මෙබඳු දෙයට දෙයට විරුද්ධ දෙයක් එනකොට මට ඉන්න බෑ, හරි තරහ යනවා මරා ගන්න හිතෙනවා, මොන ජාතියෙ ඒවාට ද මං කැතයි එහෙම කියනවා නම් මට ඔච්චර තරහ එකක් නෑ මගේ අඩුපාඩුවක් ඇද කුදයක් කියනවා නම් මට එපා වෙනවා මරන්න හිතෙනවා. ජාති ජාතිත් කතා කරන්නේ කතා කරන්නේ නැහැ කියලා හිතෙනවා. ලස්සනයි කියනවා නම් එකා එක්ක යාළු වෙලාම ඉන්න හිතෙනවා.

ඒ එක එක ක්‍රම මොකද මේ, රූප රාග විඤ්ඤාණය එක පැත්තක් ගිහිල්ලා රූපයේ ලස්සන එක පැත්තකින් අල්ලලා. 

තව රූප රාග විඤ්ඤාණය තමයි මල් ගස් හොඳයි කියන එක. එයා ඒ රූප රාගයට ඇදිලා විවිධ රූප රාග ඉතින් ඕක තමයි බෙද බෙදා බලන්න ඕනේ ඉතින් බලන්න ඕනේ.

මොකක්ද මේ විභජ්ජවාදී කියන්නේ බෙද බෙදා බලනවා...

මෙහෙම බලාගෙන බලාගෙන යන කොට අහුවෙනව මෙන්න විඤ්ඤාණය, මෙන්න විඤ්ඤාණයට හේතුව මෙන්න, මෙබඳු සංඛාරයක්, මේක අවිද්‍යාවෙන්, මේක හොඳයි කියලා නිගමනය කරලා, අන්න ඒ ජාතියේ අදහස මුදුන්පත් කරගන්න, ඒ ජාතියේ ඒවා ලබා ගන්න, හිතෙන් සිතෙන් කයෙන් වචනයෙන් හිතුවා, කිව්වා, කරා....ඒ හිතන කියන කරන එක ආහාර කරගෙන ඒකෙ ප්‍රථ්‍ය වශයෙන් සංඛාර පච්චයා විඤ්ඤාණ කියලා පහල වුනා විඤ්ඤාණයක්...අවිද්‍යා ප්‍රත්‍යයෙනුයි ඒක පහළ වුණේ.අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඒ සංඛාරය පහල වෙලා ඒ විඤ්ඤාණය පහළ වුනේ දැන් දන්නවා පහල වෙච්ච විඥානය මොකද කරන්නේ
බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා අනාවරණ ඥානය දැකල එක දෙයක් මේ විඤ්ඤාණයට ආහාර නැතිව ජීවත් වෙන්න බෑ මේ විඤ්ඤාණ ජීවත් වෙන්න හිත තුල ආහාරයක් ඇතිවයි.ආහාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වේ.මොකද්ද විඤ්ඤාණය ආහාරය සංඛාර. මොන සංඛාර ද සංඛාර කිවුවට බෑ දැන් සංඛාරය හොයාගන්නවා මල් ගහ හොරකම් කෙරෙන්නා වූ සංඛාරය මොකක්ද මල් වලවලට ආසා කරල හිතෙන් කයෙන් වචනයෙන් මල් වර්ණනා කර කර මල් ගස් හිටව හිටව ඉඳපු එකෙන් හට ගත්ත සංඛාරය හොඳ ලස්සන මල් වත්තක් හදා ගන්න ආසාව හොඳ ලස්සනට මල් වලට තිබුන ආසාව ඒව ගැන කතා කරලා ඒව ගැන කියලා කරල හිතලා ඒවා තුළින් ගොඩ නැගිච්ච දෘෂ්ටියක් තමයි ඒ තියෙන්නේ.කොච්චර ලස්සනට මල් හිටව හිටව ඉදියත් එක පාරටම හුස්ම ටික ගියොත් ඒවා ඔක්කොම දාලා යන්න වෙනවා එක්කො එකෙම පෙරේතියක් වෙනවා නෑන්නන් පෙරේතයෙක් වෙන්න වෙනවා.

දැන් මොකද කරන්න ඕනේ අසාරත්වය දකින්න ඕනේ වැඩක් තියෙන එකක් පස්සේ නෙවෙයි ගියේ.හට ගත්තේ ඒවා පස්සෙ ගිහිල්ලා නම් වැඩක් නැති අසාර මල් පස්සේ මීට පස්සේ යන්නේ නෑ මල් වලට ඇදිච්ච විඥානය අයින් කරන්න ඕන්නම් මල් ගස් හිටවන එක පැත්තකට දාලා තමුන්ගේ වැඩක් බලා ගන්නවා ඔයිට වඩා වැදගත් එකක් කරන්න නැද්ද මට ඔය වෙලාවේ කොච්චි ගහක් හිටවනවා නේ
කොච්චි ගහට ආසා කරන්න දෙයක් නෑ බටු ගහට ආසා කරන්න දෙයක් නෑ මිරිස් ගහට ආසා කරන දෙයක් නෑ .කෑම වේලක් කන්න මිරිස් කෑල්ලක් දාගන්න ලුණු කෑල්ලක් දාගන්න ඔයිට වඩා හොඳයි නේ ඒක එහෙම කරනවා එතකොට අර විඥානය අහක් වෙලා යනවා.එතකොට කාලය අපතේ යන්නේ නෑ තමන් අත්හැරිය කියලා තමන්ට අවැඩක් වුණෙත් නැහැ. මල් හිටවන එක අත් හැරල ඊට වඩා කන බොන අහාරයක් හදාගන්න එකට යොමු කරනව.
අන්න එහෙම අයින් කරගන්න ක්‍රමයක් තියෙනවා අත්හැරලා නිකං ඉන්න එක නෙමෙයි පිස්සො වාගේ..ඒකත් බෞද්ධ කම නෙමෙයි යහපත් දේ ට තමන්ගේ සිතුවිලි ක්‍රියා වදන් යොදවන කොට ඒ යහපත් දේ සියල්ල චන්ද රාග සහගත නැහැ..හිත ඇලෙන ඒවම නොවෙයි.ඒ හින්ද අපිට අවශ්‍ය වෙනවා කන්න ආහාරයක්.ඉන්න තැනක් ලෙඩට බෙහෙතක් ඉන්ට වස්ත්‍රයක් කියන සිව්පසය..ආසාවට නොවෙයි ඒවා කරන්නේ නොකර බැරි කමට වැසිකිළය හදාගන්නෙ ආසාවට නොවෙයි අවශ්‍ය නිසා මෙන්න මේ අදහසින් කන්න බොන්න ඕනේ ඕන ඒවා ආහාර ඒවා හදාගන්න ඕනේ හොඳ හින්ද නෙවෙයි අවශ්‍ය නිසා අර වැඩක් නැති ඒවට යොදවන කාලය සිතුවිලි ක්‍රියා වදන් යොදවපුවා නවත්වලා ඒවා යොදවනවා අර සිව්පසය හොයන පැත්තකට.අන්න එහෙම කරගෙන ගියාම ක්‍රමානුකූලව තමන්ගේ කාලය ඉතිරි වෙනවා.

අවශ්‍ය දැහැමි දේ වැදගත් දේ කරනවා අනවශ්‍ය නොවැදගත් දෙයක් තියෙනවනම් ඒවත් අත් හැරිලා යනවා අර පුහු විඤ්ඤාණ වලට තියෙන ආහාර නතර වෙන කොට සංඛාර නමැති..................
"සංඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වෙනවා...

අපිට මහන්සියක් මුකුත් නෑ ටික දවසක් යනකොට මල් වලට තිබිච්ච ආසව කොහෙන් ගියාද දන්නේ නෑ මල් වලට විතරක් නෙමෙයි ඔය ජාතිය හරියට අරගෙන හරියට එල්ල කරලා හොයා ගෙන ගිහිල්ල ඒක අත්හැරියොත් ඒකට තියෙන ආහාරය නවත්තලා බලා ඉන්දැද්දී සියලු කෙලෙස් වලට තියෙන ආහාර නැවතුනහම කෙලෙස් ඉවරයි.විඤ්ඤාණ ඔක්කොම කැපිල යනවා කාටවත් කියලා මේකා නම් කොරන්න බෑ අනේ මට මෙහෙම එකක් තියෙනවා මොකද කරන්න ඕනේ කිව්වට බෑ ඔය ආකාරයට විභජ්ජවාදී ව බෙදලා හේතු ඵලය සොයාගෙන
හේතුං පටිච්ච සම්භුතං කියන මෙන්න මේ හේතුවෙනුයි මේ ප්‍රත්‍ය පහළ වුණේ කියලා දැකලා
හේතු භංගා නිරුජ්ජතී කියන ධර්මයෙන් ඒ හේතුව භංග කරපුවාම විඤ්ඤාණ නිරෝධයෙන් නාම-රූප නිරෝධ කරනවා.

එතකොට මොකද වෙන්නේ නාම-රූප නිරෝධයෙන් සළායතන නිරෝධයි.හිතුවත් නැතත් චක්‍රය ක්‍රියාත්මක වුණා
ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ඔක්කොම නිරෝධයි.අවසානයි ඔය විදිහටයි පටිච්ච සමුප්පාදයෙන් නිරෝධය කරා යන්නේ.

අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
 දේශනාව උපුටා ගන්නා ලද්දේ - https://www.waharaka.com/listen/Swayan-Prabhaa-Aalokaya-36


අනුන්ගේ දොස් සොයන්නට නිතර වෙහෙස වන අයට නොදැනුවත්වම නිතර දූශ්ය සිත් හට ගැ...





ලොවුතුරා බුදු වන බවට විවරණ විසිතුනක් ලබා සිටි අප මහා බෝසතාණන් වහන්සේ
කාශ්යප බුදු පියාණන් වහන්සේට වරෙක මුඩු මහනා යනුවෙන් හය වරක්ම අපවාද කර ඇත.

ඒ ජෝතිපාල නම් මානවකව සිටි අවධියේය. අනාගාමී ඵලයට පත්ව සිටි ඝටීකාර නම් තම මිතුරා ඊට උරණ නොවී කෙසේ හෝ කාශ්යප බුදු පියාණන් වහන්සේ වෙතට ගෙන ගියෙන් ඉන්පසු පැහැදී කමා කරගෙන සාසනයේ මහණ වී විසි හතර වන විවරණයද ලබා ගත් බව ධර්මයේ සඳහන් වේ.

මුගලන් මහ රහතන් වහන්සේ දුසී නම් මාර දිව්ය පුත්රයෙක් ව පෙර බුදු පියාණන්
වහන්සේ නමක් සමඟ පසුපසින් වැඩි අග්ර ශ්රාවක නමකට ගලකින් ද ගසා අපාගත වූ
කතාවක් ධර්මයේ සඳහන්ය.

මෙවන් උතුමන් අතින්ද මෙබඳු අපවාද සිදුවන බව සිහිකර ගත යුතුය. ඒ නිසා අපවාද
කළ කෙනෙක් දුටු විට හෙතෙම් පහත් නීච පුද්ගලයකුයයි හන්වඩු ගසන්නට නොයා
යුතුය.

අනුන්ගේ දොස් සොයානට නිතර වෙහෙස වන අයට නොදැනුවත්වම නිතර දූශ්ය සිත් හට
ගැනෙන්න පටන් ගනු ඇත. එය තමා තමාටම කර ගන්න අපරාධයක් බව නිතර සිහි කළ
යුතුය.සමගිය ඇති තැන බේද කර ගත් විට සාසන දියුණුව අඩාල වනු ඇත.


ආර්ය ගුණ ඇත්තෝ එවනි පෙදෙස් හා පිරිස් ඇසුරට කැමති නැත. සම්දිටු දේවතාවෝද කලකිරී ඉවත් වනු ඇත. සෑම අතින්ම පිරිහෙන්නට වනු ඇත.

Saturday, December 21, 2019

රුවල් ඉරී ගිය...




රුවල් ඉරී ගිය...
=-=-=-=-=-=-=-=-=-

සක්කාය දිට්ටි ආදී දස සංයෝජන ඇතිව ඉන්න කෙනා රූපාදී අරමුණු හා බැඳෙමින් පුන පුනා මා තෘප්තිමත් කරන්න වෙහෙසෙනවා.

පංචකාම සුවය සොයා යන ඒ ගමන හරියට රුවල් ඉරී ගිය, මුහුදුබත් වීමේ අවදානම ඇති නෞකාවකින් එගොඩට යන්න වෙහෙසෙනවා වගේ. ඔහු ඒ නිසාම නිරතුරු ජරා මරණ ආදී විපත් වලට පත්වෙනවා, දුක උරුම වෙනවා.

නැවක් උපමාකර ඇති පහත ගථාව සහ "රුවල් ඉරී ගිය" ගීතයේ ලෝකෝත්තර අර්ථය එක්ක සමපාත වෙන බවක් පෙනෙනවා.

අබලා නං බලීයන්ති
මද්දන්තේ නං පරිස්සයා
තතෝ නං දුක්ඛමන්වේති
නාවං භින්නමිවෝදකං

බිඳුනු නැවක් අනතුරට පත්වෙන්නාක් මෙන් (ජලය උනා මුහුදුබත් වෙමින්)...(ආස්වාද ලුහුබදින කෙනා) කෙලෙස් නිසා දුකට (විපතට) පත් වෙනවා.

රුවල් ඉරී ගිය අදහසට වඩා පතුල බිඳුණු නැවක අනතුර තීව්රයි. එ් අවදානම් වර්ණ සටහන රතුයි. බුදුපියාණන් වහන්සේ ඒ අනතුරේ අවදානම යථාර්ථවාදී ව නො සඟවා පෙන්වා තියෙන හැටි අපූරුයි.

මොන තරම් දුකක් උරුම වුනත් දුක වහමින් පිරිය (ප්‍රිය) ම ඉස්මතු වෙන නිසා, ඒ පිරිය බව සිඳ බැලුවොත්, දුක පිරිසිඳ පෙනෙනවා. ලෝකයා සැපයි, මරු කියල කියන දේ ම දුකට හේතු වන බව වටහාගන්නවා.

රුවල් ඉරුනු නැවකින් ගොඩයන්න වෙහෙසුනාට යා හැකි එතෙරක් නැහැ. ඒ නිසා කරන්න බැරි දෙයක් කරමින් වෙහෙසන අය අවසානයේ සංසාර සාගරයේ ම ගිලී  විපතට පත්වෙනවා.

නියත බිහිසුණු දුක්ඛාන්තයන් උරුම වෙන පංචකාමයෝ හරසුන් බව ⁣බෝධි මූලයේ අවබෝධ කරගත් බුදුපියාණන් වහන්සේ සඳහම් වැසි වලින් සසර කතරට සිසිල් දම්දිය දෙමින්, ඒ අනතුරත් ඒවායින් වෙන්ව පත්විය හැකි නිවන නැමති අභය භූමියත් අපිට පෙන්වා දුන්නා. ඒ දම්දිය දෝතක් ගෙන අපි ඡන්දරාගයෙන් අල්ලාගෙන ඇති සියල්ල (සිය + අල්ල) අවබෝධයෙන් අතහැර දැමිය යුතුයි. හැබැයි, ඇත්ත ඇති සැටියෙන් ම පෙන්වමින් එතෙර විය හැකි හරි මග පෙන්වුවත් එතෙර වන්නෙ අතලොස්සක්.

අප්පකාතේ මනුස්සේසූ යේ ජනා පාරගාමිනෝ අථායං ඉතරාපජා තීරමේවානුධාවතී 

මිනිසුන් අතරින් යමෙක් (නිවන නම් වූ) එතෙරට යා නම් ඔවුහු ඉතාමත් ස්වල්ප ය. අවශේෂ ප‍්‍රජාව මෙතෙරට ම (ඔබ මොඹ) දුවන්නේ ය.

මෙතුවක් කල් මා ගොඩගියා! මා දිනුවා! කියල, තාවකාලික ආස්වාද ජයග්‍රහණ අපි සැමරුවත් ඒ තුළ ලැබූ නිවනක් කොහින් ද? හැබැයි ඒ අය හිතුවෙත් ගොඩ යන්නම තමයි.

මහා ඇලෙක්සැන්ඩර්⁣ රජු, හිට්ලර්, ප්‍රභාකරන් කියන නියමුවො කෝ දැන්? ඒ අය විවිදාකාරයෙන් ලැබූ ජයග්‍රහණ කෝ දැන්?

අවිද්‍යාව නිසා ඇත්ත නො පෙනෙන නිසාම අපි පුන පුනා රැවටෙනවා. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න හොඳ නැහැ ලු. රැවටෙන්න හොඳ නැහැ. ඒ නිසා ප්‍රඤ්ඥාලෝකයෙන් ලොව පහන් කළ තුන්ලෝකාග්‍ර සම්මාසම්බුදුපියාණන් වහන්සේ ආස්වාද ලුහුබඳිමින් මම හදන වැඩපිළිවෙලේ රැවටීම පසක්කර දුන්නා. එම වැඩපිළිවෙල සැබැවින් ම සත් එකක් නොව අසත් එකක් බව පෙර නො ඇසූ ධර්මයක් දේශණා කළා.

ඒ බණ අහල මෙතුවක් කල් මම පිනවීමේ පසකම් සුව ලුහුබඳින ගමන හරයක් නැති -පුස්සක්- බව වටහාගත් කෙනා, පස්කම් "එතෙර" අතහැර, සංසාර සැඩපහර තරණය කරනවා. ඔහු නිවන නම් අනතුරු රහිත සැබෑ එතෙරට පත්වෙන්න උත්සහ ගන්නවා.

තුම්මෙහි කිච්චං ආතප්පං අක්කාතාරෝ තථාගත කියන බුද්ධ වචනය පරිදි තමන් ගෙ කෙලෙස් තර්පනය තමන් ම (තනිව) කරගත යුතුයි. තාථාගතයන් වහනසේ මග කියා දෙනවා පමණයි.

සියලු රැවටීම් පසෙකලා ලෝකය කෙරෙහි ඇති සෙනහස, ඡන්දරාගය, නන්දිය අතහැරිය යුත්තේ ඇත්ත අනතුර වන දුක්ඛ ආර්ය සත්‍ය දැකපු සංසාර සාගරයට බට ඒ නියමුවා තනියෙන් ම යි. බුදුහාමුදුරුවො ඒක කරල දෙන්නෙ නැහැ.

තස්මා ජන්තු සදා සතො, කාමානි පරිවජ්ජයේ;
තෙ පහාය තරේ ඔඝං, නාවං සිත්වාව පාරගූති

එහෙයින් මේ අනතුර දත්  කෙනා හැමකල්හි සිහි ඇතිව (වස්තු සහ ක්ලේෂ) කාමයන් විශේෂයෙන් වර්ජනය කර, එයින් වැලකෙනවා.

ඒ කෙනා අබල වූ නැවේ අඩුපාඩු ප්‍රඤ්ඥායුදයන් ගෙන් සාදාගෙන කාමයන් තරණය කර (කාම ඕඝ, දිට්ඨි ඕඝ, භව ඕඝ සහ අවිජ්ජා ඕඝ යන සතර මහ ඕඝ නම් සැඩපහර තරණය කර) නිවන නැමැති සදා නො වෙනස් සුවය නැමති එතරට ගමන් කරනවා.

-- අමිල සල්ගාදු

Saturday, December 14, 2019

සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය

https://www.waharaka.com/

සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය…
වසර ගණනාවක්ම නිවැරදිව තෙරුම් යන ආකාරයට බුදුදහම වටහාගන්නට තැනින් තැන, පැයෙන් පැය, දේශකයාගෙන් දේශකයාට, විහාරයෙන් විහාරයට, අසපුවෙන් අසපුවට, ඒ ලොවෙන් මේ ලොවට – අත පාමින් දහම් පිපාසාව සංසිදුවාගන්නට සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා ආරක්ෂක භූමියට පාර සොයමින් වල්මත්වී රස්තියාදු ගැසූ කාලයක් විය.
පැයෙන් පැය කදුලෙන් කදුල එකතු කල දහම් බිඳු එකිනෙකට යාකරගැනීමටත් පෙර වියෙලී යනතරමේ ද්වේශ කාම රාග මහා ග්‍රීෂ්මය මැදින්, පෙර කල පිනේ වාසනාවකට මහා දහම් ජලාශයක් සේ; දෙපැයක්, සතියක්, දෙසතියක් හෝ දෙමසක් ඇතුළත දහම සොයා යන්නෙක් දැන ගතයුතුම යමක් ඇතිද නොඅඩුව ඒ පිපාසිතයාට දහම් ජලය බෙදා දෙන උතුම් ආර්යයන් අද අප ඇසුරට පත්ව ඇත.
මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!

ලක්දිව තිබිච්ච දැහැමි පාලන ක්‍රමය

පෙර කාලයේ සාමයෙන් බැබලුන ලක්දිව තිබිච්ච දැහැමි පාලන ක්‍රමයක් එක්තරා සමවත් දර්ශනයකට නැගුන ආකාරය මේ පෙන්වන්නෙ කවදා හරි ධාර්මික පාලක පිරිසකට මේ කාරණා වැදගත් වෙයි කියල හිතුන නිසා.

මේක රාෂ්ට පාලන ක්‍රමය නමින් එ කාලයේ හැදින්වුනා එ කාලයෙ මෙ ලක්දිව ජනගහනය කෝටි පහක් දල වශයෙන් ගෙවල් කෝටියක්. ගෙවල් දහයක වැඩ කටයුතු බලාගන්න පතිරාජ (පත්තුවල රජ)කෙනෙක් පත් කෙරුන .උදේ,දවල්,හවස වශයෙන් තෙවතාවක් පතිරාජ විසින් ගෙවල් දහයේ ඉන්න අය සටහන් කරගන්න ඕන.උදේ රෑකියා ආදියට ගිය පිරිස ,ගිය තැන්.
නිවසේ ඉන්න අය.නිවසෙ තියෙන බඩු මුට්ටු වත්කම් මේවා පරික්ෂා කරල සටහන්කරගන්න ඕන.එක ගෙයක උපයන ආදායම ගනන් බලල එකෙන් සීයට විස්සක් පතිරාජට ගෙවන්න ඔනා කුඩා උනත් රජකුගෙ බලතල ඔහු සතුයි.එ ඔහුගේ පත්තුවට,නැත්නම් ගෙවල් දහයට.
මෙබදු පත්තු රජවරු දහදෙනෙක් පිලිබදව එ වගේම සොයා බලල සටහන් කරන්න ගමට රජ කෙනෙක් ඉන්නව.ඔහු ගමරාල කියල හදූන්වනව.පතිරාජ දහදෙනා ගෙවල් සීයක් මේ විදිහට බලාගන්නවා.ගමරාල එ දහදෙනා බලා ගන්නව.පතිරාජගේ ආදායමෙන් සීයට විස්සක් ගමරාලට දෙන්න ඕන.මේ සියලු පිරිස ඉන්න ගම වැට බැදල කොටු කරල තියෙන්නෙ.ගමට පිවිසෙන්න ගම් දොරටුවක් තියෙනව වැට අස්සෙන් යාම් ඊම් කලොත් දඩුවම් ලැබෙන වරදක්.
ගමරාල ඉන්නෙ ගම් දොර අසල නිවසක. ගමට ඇතුල් වෙන, ගමෙන් පිටවෙන අය සටහන් තියල යන්න ඕනා.මේ විදිහට ගමරාලල ලක්ශයක් ලක් දිවටම ඉන්නව.ගමරාලලාට ලැබෙන ආදායමෙන් සීයට විස්සක් රටේ රාළට දෙන්න ඕන.ගමරාලල දහ දෙනෙක් පිලිබද වත්කම් සහිත සියල්ල දිනපතා තුන් වතාවක් රටේරාළ කෙනෙක් හොයල බලනවා.
ගමරාළල දහදෙනෙක්ගෙ නිවෙස් පිළිබද වත්කම්,බඩුමුට්ටු...ආදිය පරික්ෂා කරල සටහන් කරන්න ලක්දිවටම රටේරාළල දහ දාහක් ඉන්නව .ගමරාළට රේස් කරත්ත හෙවත් ගොන් බැදි කරත්ත ගමනකට නිල රත විදිහට තිබුනා.එ සදහා රටේ රාලට හිටියෙ කොටලුවෙක්.
මේ රටේ රාළල දහ දෙනෙක්ගෙ වත්කම් ,නිවසේ බඩු මුට්ටු...ආදිය පරික්ෂා කලේ දිසා රාළ.ලක්දිවට දිසා රාළල දහසක් ඉන්නව මෙ දිසා රාළලාට රටේ රාළලාගෙ ආදායමෙන් සීයට විස්සක් ලැබෙනවා මේ අයගෙ වාහනය අශ්වයෙක් . දවස් දහයකට වරක් එක නිවස බැගින් රටේ රාළලාගෙ නිවෙස් බලල සටහන් කිරීම දිසා රාළට අයිතියි.
මෙබදු දිසා රාළලා දහ දෙනෙක්ගෙ එබදුම පාලනයට මහ දිසා රාළ හෙවත් අදිකාරම් වරයෙක් පත් කෙරුනා. දිසා රාළලාගෙ ආදායමෙන් සීයට විස්සක් මහ දිසා රාලට ගෙවන්න ඕනා.ලක් දිවටම මහ දිසා රාළලා සීයයයි. මෙබදු මහ අදිකාරම් /මහ දිසා රාළලා දහ දෙනෙක් පරික්ෂා කරන්න මහ ඇමැතිවරු එක්කෙනෙක් බැගින් මහ ඇමැතිවරු දහ දෙනෙක් ඉන්නව.
හය මාසයකට සැරයක් විතර මේ මහ අදිකාරම්ගෙ වත්කම් තොරතුරු මහ ඇමතිවරු විසින් බලනවා .මේ හැම කෙනෙක්ම දින පතා ආගිය තොරතුරු,කරපු වැඩ, සටහන් කරනව මහ ඇමැතිවරුන්ට මහ අදිකාරම්වරුන්ගේ ආදායමෙන් සීයට විස්සක් ලැබෙනවා .
මහ ඇමැතිවරු දහ දෙනාගෙ සියලු පාලනය මහ රජතුමා බලා ගන්නව.මහ ඇමැතිවරුන්ගෙ ආදායමෙන් සීයට විස්සක් මහ රජතුමාට දෙන්න ඕන .සිටුවරු වගේ මහ වලව් තිබුන පිරිසගේ වත්කම් බැලීම අදිකාරම් වරු යටතේ පාලනය වුනා.රාජ භාණ්ඩාගාරයට එ අය තමන්ගෙ ආදායමෙන් සීයට විස්සක් යවනව.මෙ විදියට දහයක් පාලනය කරල ලබපු ආදායමෙන් අට කොටසක් යැපෙන මේ පාලනය රාෂ්ට පාලනය කියල පෙර හැදින් උනා.
කිසිම නිවසක අන්සතු දෙයක් රහසි ගතව තියාගන්න බැ දින පතා නිවෙස් පරික්ෂා කරන නිසා ප්‍රකාශනොකල වත්කම් තිබුනොත් නිවසෙ ප්‍රදානියා ඇතුලු පිරිස ඊට වග කියන්න ඔනා.
කුමන්ත්‍රණකාරී කිසිම මෙහෙයවීමක් එ කාලයේ සංවිධානය වෙන්න මගක් තිබුනෙ නැ.හොරුන් ඇති වෙන්න ඉඩක් තිබුනෙ නැ.අද වගේ ගෙවල් දොරවල් වහල ආරක්ෂා කරන්න අවශ්‍යතාවක් නැ.cctvකැමරා දාන්න ඕන නෑ.ස්වර්ණාභරණයෙන් සැරසුන කාන්තාවකට දකුනේ දෙවුන්දර තුඩුවේ පටන් උතුරේ පේදුරු තුඩුව දක්වා නිරුපද්‍රිතව ගිහින් එන්න පුලුවන්කම තිබුනා.
රජයේ අයිතිය යටතේ තිබුන ඉඩම් අයිතිය කිසිවෙකුටත් විකුනන්න ,උකස් කරන්න බෑ.මායිම් කටයුතු සැකසීම රජය සතු කාර්‍යක් වැව්,පොකුනු ඇල වේලි...ආදී කටයුතුවලට පත් කරපු තවත් නිල දාරින් හිට්ය....

උපුටා ගැනීම :
අති පුජනීය වහරක අභයරතනාලංකාර හිමි පාණන් විසින් රචිත සැගවුණු බොදුමග කල එලිදකී ග්‍රන්ථයෙනි.

කෘමි නාශක.

ගොවිතැන් කටුතු වලදී කෘමි නාශක නොයොදා අස්වැන්න ලබාගත නොහැකි තත්වයක් ඇත. ඒ සදහා බෙෘද්ධ විග්‍රහයක් පහදා දෙන්නේ නම් මැනවි.

ඛණේන අග්ගිං ජලමාන නාය
සබ්බං පිචේ චන්දන දාරුඛීයේ
ශරීර ඛීයේ සුගතස්‌ස ධාතුයෝ
මුත්තං ස්වර්ණං සුමනං ව දිස්‌සති

මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්තමනුරක්ඛේ විභංගය

මේ පද පෙල පද සන්ධි වීම් ඉවත්කරල දක්වන්නෙ, මතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්ඛේ කියල. අනුරක්ෂරණය කරන එක මව් ගුණයක්. එය කරුණාව පිළිබඳ ...